ආර්ථික වර්ධනය පිණිස ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කරන බව ජනපති කියයි

ජූලි 14, 2023

    ආර්ථික වර්ධනය උදා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවයි, ජනාධිපතිවරයා කියා සිටින්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ, කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ පැවති ඉන්දීය ව්‍යාපාරික හමුවේ ප්‍රධාන අරාධිතයා ලෙස එක්වෙමින්. ඉන්දියානු ව්‍යාපාරික ප්‍රජාව මෙහිදී ජනාධිපතිවරයා‍ට සමරු තිළිණයක්ද ප්‍රදානය කළා. ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය කරා යන ගමනේදී, ඉන්දියාව සමග සමීප සබඳතා පැවැත්වීමට අපේක්ෂා කරනවා. ඉන්දීය ආර්ථිකය ඉදිරියට ගෙනයාම සඳහා මෝදි අගමැතිවරයා ගෙන ගිය මූල්‍ය ප්‍රතිපත්තිය මෙරට ආර්ථිකයේ දියුණුවට පිටිවහලක් වනු ඇති බවයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි කියා සිටියේ.

    Latest News