උතුරේ කිරි, උතුරේ නිෂ්පාදනවලට

ජූලි 08, 2023

    උතුරු පළාතේ දියර කිරි එම පළාතේම කිරි ආශ්‍රිත නිෂ්පාදනවලට යොදා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය අදාළ බලධාරීන් වෙත දැනුම් දුන්නා.

    ඒ, පළාත් කෘෂිකර්ම, සත්ව පාලන හා ග්‍රාමීය කර්මාන්ත ආයතන ප්‍රධානීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී. උතුරු පළාතෙන් සෙසු පළාත් වෙත දිනකට දේශීය දියර කිරි ලීටර 14,000 ක් පමණ යවනු ලබනවා. ඒවා උතුරු පළාත තුළම දේශීය නිෂ්පාදනවලට යෙදවීමේ හැකියාව සොයා බලන ලෙස ආණ්ඩුකාරවරිය මෙහිදී අදාළ අංශ වෙත දැනුම් දුන්නා.

    මසකට පළාතේ ගවයින් ලක්ෂයක් පමණ මස් සඳහා යොදා ගැනෙනවා. ඊට සාපේක්ෂව ගවයින් ව්‍යාප්ත කිරීමේ නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට සැලසුම් කරන ලෙස ද උපදෙස් දෙනු ලැබුවා. සාකච්ඡාව පැවැත්වුණේ, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සී රාකේෂ් නටරාජා මහතා සහ පළාත් කෘෂිකර්ම, සත්ව පාලන හා ග්‍රාමීය කර්මාන්ත ආයතන ප්‍රධානීන් සමගයි. උතුරු පළාතේ ජීවත් වන මිලියන 1.3 ක ජනතාවගේ ජීවන තත්වය නංවාලීමට ඉන්දීය රජයේ පූර්ණ සහය ලබා දෙන බව, නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී කියා සිටියා.

    Latest News