ඖෂධ මිල 16% කින් පහළට

ජූනි 06, 2023

    ඖෂධ මිල 16%කින් අඩුකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

    අමාත්‍යවරයා පවසන්නේ, ලබන 15 වැනිදා සිට එලෙස ඖෂධ මිල පහළ යනු ඇති බවයි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල එලෙස අඩුවනු ඇත.

    ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබා දීමේ අරමුණින් එලෙස ඖෂධ මිල අඩුකිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

    Latest News