මහින්දාගමනයෙන් අප අත්පත් කරගත් වටිනාකම් බොහෝයි - ජනපති

ජූනි 03, 2023

    මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම ශ්‍රී ලංකා ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානය බව අවිවාදිත බවත්, ඉන් සමාජ සංස්කෘතික හා දේශපාලනික වශයෙන් අප අත්පත් කරගත් වටිනාකම් බොහෝ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොසොන් පෝ දින පණිවිඩය නිකුත් කරමින් කියා සිටිනවා.

    අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසූ තථාගත දහම හා අනුදැන වදාළ එම ජීවන මග ඔස්සේය. විශේෂයෙන්ම වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මඟ පෙන්වූ ධර්ම සංවාදයද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදයද බිහි වූයේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයත් සමඟය.

    එම ප්‍රතිපදාගත ධර්ම මාර්ගයේම යමින් රටේ මතුව තිබූ, දැන් ක්‍රමිකව විසඳමින් තිබෙන දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට, ශ්‍රී ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට අපි සියලු දෙනා අදිටන් කර ගනිමු.

    මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් දායාද වූ පිවිතුරු බුදු දහමත්, හරවත් බොදු උරුමයත් සුරැකීමට කැප වන ලෙස මේ පොසොන් පොහෝ දිනයේදී මා සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

    Latest News