මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නියාමනයකට එකඟ විය යුතුයි....කරු පරණවිතාන

මාර් 23, 2019

    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට වසර හයක් සම්පූර්ණ වේත පසුගිය වසර හය තුළ දී ගුවන් යානා මෙහෙයුම් වාර නමදහස් පන්සියයකට අධික ප්‍රමාණයක් සිදුකර ඇත.

    මේ අනුව ප්‍රදේශයේ දරු දැරියන්ට ගුවන් තොටුපල කාර්ය භාරය හා මෙහෙයුම් පිළිබඳව අත්දැකීම් පිරිනැමීමේ වැඩසටහනක් ගුවන් තොටුපල අධිකාරිය විසින් ආරම්භ කර ඇත.

    ගුවන් තොටුපල කළමණාකරු උපුල් ජයසිංහ “මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල 2019 මාර්තු මාසේ 18 ට වසර හයක් සම්පූර්ණ වෙනවා. පසුගිය වසර හය තුළ දී ගුවන් යානා මෙහෙයුම් වාර නමදහස් පන්සියයකට අධික ප්‍රමාණයක් මෙම ගුවන් තොටුපොළ හරහා සිදු වී තිබෙනවා. ඒ වගේම ගුවන් මගින් එක්ලක්ෂ 85,000 කට අධික ප්‍රමාණයක් මෙම ගුවන් තොටුපළ පාවිච්චි කරලා තියෙනවා. 6 වෙනි සංවත්සරය සමරන අද දිනයේ අපි දකුණු පළාතේ උසස් පෙළ පාසල් සිසුන් පිරිසක් සහභාගී කරගෙන අනාගත ගුවන් සේවා වෘත්තිකයන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර දැන් අවසන් දින ක්‍රියාත්මක වන්නේ. මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා ගුවන් තොටුපළ කාර්ය භාරය සහ ගුවන් තොටුපල තිබෙන සියලුම දේවල් ප්‍රායෝගිකව දැක ගෙන තමන්ගේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට මෙය පාවිච්චි කරාවි“ යැයි ඔහු කියා සිටියේය.

    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 17:40

    Latest News