කැන්බරා, නිව්කාසල්, සක්සස්, පැරමටා ශ්‍රී ලංකාවට පැමිණේ

මාර් 23, 2019

    ‘‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’’ වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියානු නෞකාවන් 4ක් දිවයිනට පැමිණෙයි.

    ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් ඉතිහාසයේ විශාලතම ආක්ෂක සහයෝගීතාව අද(23) අරම්භ විය. "ඉන්දු පැසිපික් එන්ඩේවර් 2019" (IPE19) ලෙස නම් කර ඇති මෙය ඉන්දීය සාගර කලාපයේ අරක්ෂාව අරමුණු කරගනිමින් සංවිධානය කර තිබේ. ඕස්ට්‍රේලියානු රාජකීය හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධව ඊට අයත් සාමාජිකයන් 1000කට වැඩි පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතයි. ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රාජකීය හමුදාවට අයත් HMAS කැන්බරා සහ HMAS නිව්කාසල් යන නෞකා අද කොළඹ වරායට පැමිණි අතර HMAS සක්සස් සහ HMAS පැරමටා යන නෞකා ත්‍රිකුණාමලය වරායට ළඟා විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව මෙම නෞකාවන් පිළිගන්නා ලදී.

    ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගිතාව වර්ධනය කර ගැනීමට ‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව, මානුෂීය ආපදා සහන සැලසී‍ම, නෞකා අතර හෙලිකොප්ටර් යානා හුවමාරුවීම, සාගරික බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාකාරකම්, දෙරටේ ත්‍රිවිධ හමුදා පුද්ගලයින් අතර තූර්ය වාදන සංද්ර්ශන සහ ක්‍රීඩා ඉසව්වන් වැනි ක්‍රියාකාරකම් රැසක් මෙම වැඩසටහන තුල සිදු කිරීමට නියමිතව ඇත.

     

    aus8

    ඕස්ට්‍රේලියානු වැඩබලන මහ කොමසාරිස් ජෝන් ෆිලිප් මහතා විසින් ඒකාබද්ධ කාර්ය බලාකා අණදෙන නිලධාරී ගුවන් කොමදොරු රිචඩ් ඔවෙන් මහතා පිලිගත් අවස්ථාව

     

    aus1

    HMAS කැන්බරා

    ඒ අනුව, කොළඹ වරායට පැමිණි ‘කැන්බරා’ නෞකාවේ ධජ නිලධාරී වශයෙන් එයාර් කොමදෝරු රිචඩ් ඔවන් කටයුතු කරන අතර, කපිතාන් ඈෂ්ලි එම් පැප් අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කරනු ලැබේ. මෙම නෞකාවේ දිග මීටර් 230.9 ක්, පළල මීටර් 7.9 ක් සහ නෞකාව ටොන් 27500 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 483 දෙනෙකුගෙන් සමන්විත වේ.

    aus2

    HMAS නිව්කාසල්

    ‘නිව්කාසල්’ නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් කොමාණ්ඩර්, ඇනීටා සෙලික් කාන්තා නිලධරිණිය කටයුතු කරනු ලැබේ. මෙම නෞකාවේ දිග මීටර් 138.1 ක්, පළල මීටර් 7.9 ක් සහ නෞකාව ටොන් 4200 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 205 දෙනෙකුගෙන් සමන්විත වේ.

    aus3

    HMAS සක්සස්

    ත්‍රීකුණාමල වරායට පැමිණි ‘සක්සස්’ නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් කපිතාන්, ඩ්‍රැරන් ජී ග්‍රෝගන් කටයුතු කරනු ලැබේ. මෙම නෞකාවේ දිග මීටර් 157.2 ක්, පළල මීටර් 8.4 ක් සහ නෞකාව ටොන් 17900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 178 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් සමන්විත වේ.

    aus4

    HMAS පැරමටා

    අතර, ‘පැරමටා’ නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් කොමාණ්ඩර්, ටී වෑන් ටයින්හොවන් කටයුතු කරනු ලැබේ. මෙම නෞකාවේ දිග මීටර් 118 ක්, පළල මීටර් 6.2 ක් සහ නෞකාව ටොන් 3900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 190 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විත වේ.

    තවද, ‘සක්සස්’ සහ ‘පැරමටා’ නෞකාවන් එළඹෙන මාර්තු 27 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’ යන නෞකාවන් එළඹෙන මාර්තු 30 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

    aus15

    auss3

    auss2

    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 17:35

    Latest News