“ස්කිල්ස් එක්ස්පෝ 2023 ප්‍රදර්*ශනය ඇරඹේ

මැයි 12, 2023

    ඉදිරි වසර 10 තුළ අධ්‍යාපන ක්‍ෂේත්‍රය පුළුල් නවීකරණයකට යොමු කර දැනුමෙන් හා හැකියාවෙන් සන්නද්ධ තරුණ පරපුරක් බිහි කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ශ්‍රී ලංකා “ස්කිල්ස් එක්ස්පෝ 2023 ප්‍රදර්ශන‍යේ සමාරම්භයට එක්වෙමිනුයි, ඔහු මේ බව සඳහන් කළේ.  ජීවිතයට හැකියාවක් - හැකියාවට රැකියාවක්” තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී ප්‍රදර්ශනය අද උදේ ආරම්භ කෙරුණා.  නොමිලයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය අද සිට ලබන 14 දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් විවෘතයි.

    ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා, එය නැරඹීමට ද එක් වුණා.  එහිදී, කෘෂි තාක්ෂණ ව්‍යාපෘති මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණු අතර, කෘෂිකර්මාන්තයේ දියුණුවට ඩ්‍රෝන තාක්ෂණය භාවිතයට ගැනීම ඇගයීමට ලක් කරමින් ඩ්‍රෝන උපදේශකවරුන් සිව්දෙනෙකු සඳහා ලාංඡන පැලැඳවීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.  

    මෙරට ක්‍ෂේත්‍ර රැසක සාමාජිකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට තම දහස් හුවමාරු කර ගැනීමට මෙන්ම, එම ක්‍ෂේත්‍රවල නිපුනතා ප්‍රවර්ධනය කිරීමට මෙම ප්‍රදර්ශනය මගින් අවස්ථාව සැලසෙනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අලෙවි කුටියක් ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිතයි. ජාතික රූපවාහිනියේ විකාශය කෙරුණු ටෙලිනාට්‍ය, චිත්‍රපට, කාටුන් හා වැඩසටහන් ඇතුළත් ඩී වී ඩී පට මිලදී ගැනීමට මෙන්ම, නැණ මිහිර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටල මිලදී ගැනීමේ හැකියාව ද පවතිනවා.

    Latest News