අමෙරිකාවේ හොඳම නීති ශිෂ්‍යයා ලක් මවගේ පුතෙක්

මැයි 11, 2023

    අමෙරිකාවේ 'සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්' නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඩිලන් මහේන් ගුණරත්න 2023 වසරේ අමෙරිකාවේ හොඳම නීති ශිෂ්‍යයා ලෙස සම්මානයට යෝජනා වී තිබෙනවා.

    නීති විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ලබන 19 වැනිදා පැවැත්වෙන අතර, නීති සිසුන් වෙනුවෙන්, විශේෂ කතාවක් පැවැත්වීමට තෝරාගෙන ඇත්තේ ද ඩිලන් මහේන් ගුණරත්න වීම විශේෂත්වයකි.

    ‘සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්’ නීති විද්‍යාලයේ විශේෂ කතාවක් පැවැත්වීමට ලාංකික නීති ශිෂ්‍යයකු තෝරාගත් පළමු අවස්ථාව මෙයයි.

    ඩිලන්ගේ දෙමාපියන් ලංකාවේ උපත ලැබූ අය වන අතර ඩිලන් උපත ලබා ඇත්තේ කැනඩාවේ බවයි වාර්තා වන්නේ. සිය ප්‍රථම උපාධිය ලබාගත්තේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ‘කැල් ස්ටේට්’ විශ්වවිද්‍යාලයෙනි.

    ඉන්පසු ඔහු කැනඩාවේ ටොරොන්ටෝ නුවර ‘වයිටීවී’ නාළිකාව හා සම්බන්ධවී කටයුතු කළේය.

    ‘සවුත් වෙස්ටරන්’ නීති විද්‍යාලයට ඔහු ඇතුළු වූයේ අමෙරිකන් ඩොලර් 75,000ක ශිෂ්‍යත්වයක් දිනා ගනිමිනි.

    Latest News