කඩුවෙල හිටපු උප නගරාධිපති සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට

මැයි 11, 2023

    කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පහර දීමේ සිද්ධියක් මුල් කරගනිමින්.

    පළමුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල හිටපු නගරාධිපතිවරයායි.

    ඒ, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂලට පහරදීමේ චෝදනාවට අදාළවයි.

    මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පසුව චන්දික අබේරත්න කළ පැමිණිල්ලකට අනුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

    Latest News