ගෙවුණු සතියේ ඩෙංගු රෝගීන් 1,896 ක්

මැයි 09, 2023

    ගෙවුණු සතියක කාලය තුළ ඩෙංගු රෝගීන් 1,896 දෙනෙකු ‍වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

    ඉන් වැඩිම පිරිස හඳුනාගෙන ඇත්තේ, බස්නාහිර පළාතෙන්.  බස්නාහිර පළාතෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව, 49% ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18% ක් වාර්තා වී ඇති අතර, ඉන් 3.4% ක් හඳුනාගෙන ඇත්තේ, කොළඹ මහනගර සීමාවෙන්.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් 21% ක් වාර්තා වනවා. ඊට අමතරව, ත්‍රිකුණාමලය, මඩකලපුව, මහනුවර, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ.  මෝසම් වැසි සක්‍රීය වී ඇති බැවින්, තම නිවාස, ආගමික සිද්ධස්ථාන හා පාසල් ඇතුළු පරිශ්‍ර ඩෙංගු මදුරුවන් බෝ නොවන සේ පවිත්‍රව තබා ගන්නා ලෙසයි, දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටින්නේ.

    මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගියහොත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු කියා සිටියා.   ඩෙංගු රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම, වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවයි, වෛද්‍යවරුන් පවසන්නේ. සිදුව ඇති මරණ බොහෝමයක් සිදුව ඇත්තේ, ප්‍රමාද වී රෝහල් ගත වීම හේතුවෙන්.

    Last modified on අඟහරුවාදා, 09 මැයි 2023 18:58

    Latest News