වැල්ලවායේ මාරක අනතුර

අප්‍රේ 05, 2023

    වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය - යාලබෝව ප්‍රදේශයේ දී ඊයේ (4) රාත්‍රි සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මියගොස් දරුවෙකු තුවාල ලබා තිබෙනවා.

    අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථය, ත්‍රීරෝද රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

    මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් වැල්ලවාය පරගස්මංකඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ තිදෙනකු බවයි පොලිසිය පවසන්නේ.

    මියගිය අතර තණමල්විල මූලස්ථාන පොලිසිය ට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක් වයස අවුරුදු (44) ඔහුගේ බිරිඳ වයස අවුරුදු (42) පොලිස් සැරයන්වරයාගේ පියා වයස අවුරුදු (70) යන අය වන අතර තුවාල ලබා ඇත්තේ පොලිස් සැරයන්වරයාගේ පුත්‍රයා වන වයස අවුරුදු දොළහක් වන දරුවෙක්.

    අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

    Latest News