ප්‍රංශයේ, ශ්‍රී ලංකා නව තානාපතිනි සුභ මොහොතින් වැඩ අරඹයි

අප්‍රේ 03, 2023

    ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වූ නව තානාපතිනී මනිෂා ගුණසේකර මහත්මිය පසුගියදා වැඩ භාර ගත්තාය.

    වර්තමාන විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ඇය වර්ෂ 1998 සිට 2002 වසර දක්වා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම්වරිය ලෙස එවකට තානාපතිනිය සුමිත්‍රා පීරිස් මහත්මිය යටතේ තම ප්‍රථම විදේශ සේවය ආරම්භ කරමින්, ඉන්පසු ජපානය, දකුනු කොරියාව, ජිනීවා, යන රටවල ශ්‍ රීලකා තානාපති කාර්යාලයන්හී ප්‍රථම ලේකම්, වැඩ බැලු තානාපති යන තනතුරු හොබවූ වාය.

    එංගලන්තයේ මහා කොමසාරිස්වරිය ලෙසද සේවය කොට ඇති ඇය විදේශ සේවයේ මනා අත්දැකීම් සම්භාරයක් හිමිකර ගත් අවංක දක්ෂ දූරදර්ශී රාජ්‍ය සේවිකාවක් බව රාජ්‍ය සේවය තුළ ප්‍රසිද්ධ කරුනකි.

    නව තානාපතිනිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් ඊට සමගාමීව ප්‍රංශයේ පිහිටුවා ඇති සියලුම ශ්‍රී ලාංකික සංවිධාන නිලධාරීන්, සමාජ ක්‍රියාකාරීන්, කලාකාරීන් කැඳවා පසුගිය මාර්තු මස 31 වැනි දා තානාපති කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පැවැත් වූවාය.

    Latest News