වෙසක් සතිය මැයි 2 දා සිට 8 දා දක්වා

මාර් 29, 2023

    මැයි 02 වැනිදා සිට 08 වැනිදා දක්වා සතිය වෙසක් සතිය ලෙස නම් කෙරේ.

    මෙවර ජාතික වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    මහානායක ස්වාමීන් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නිර්දේශය පරිදි 2023 රාජ්‍ය වෙසක් උත්සවය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර ඇත.

    වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීම සහ ඊට සමගාමීව විවිධ ආගමික හා සමාජයීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

    Latest News