අභියෝගාත්මක සුභසාධන අයවැයක්

නොවැ 10, 2022

    සුබසාධනය පදනම් කරගත් අභියෝගාත්මක අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 

    රටේ සමස්ත පවුල්වලින් සියයට 70 ක් සහන ඉල්ලන මට්ටමකට අද වන විට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.  සියයට 90 ඉක්මවූ ආහාර උද්ධමනයක්, සියයට 70 ඉක්මවූ උද්ධමනයක්, සියයට 8.3 ක සහන ආර්ථිකයක්, සාමාන්‍ය පොලී අනුපාතය සියයට 30 ක් මෙන්ම, විදේශ ණය ගෙවා ගත නොහැකි රටක් ලෙසයි මේ වන විට ශ්‍රී ලංකාව පවතින්නේ. 

    ලබන වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 3 ක සෘණ මට්ටමක පවතිනු ඇතැයි ඇස්තමේන්තු ගත කර තිබෙනවා.  මෙවන් ආර්ථික පසුබිමක් තුළ රට ස්ථාවර කිරීමේ යෝජනා ඇතුළත් අයවැයක් ඉදිරිපත් කිරීම මෙවර අභියෝගාත්මක කාර්යයක් බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටින්නේ.

     

    Latest News