ලෝක බැංකු සහයත් මෙරටට

නොවැ 10, 2022

    ඊජිප්තුවේ පැවැත්වෙන කොප් - 27 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ලෝක බැංකු සභපති ඩේවිඩ් මල්පාස් මහතා මුණගැසුණා.

    ශ්‍රී ලංකාවට ඇති අභියෝගාත්මක සර්ව ආර්ථික සහ සමාජයීය කරුණු පිළිබඳව එහිදී අවධානය යොමු කෙරුණා. මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ එක් කරුණක් වූයේ, ශ්‍රී ලංකාවේ සර්ව ආර්ථික සහ සමාජයීය තත්වය මෙන්ම, ‍ආර්ථිකය ස්ථාවර කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳවයි. දැනට පවතින ණය අර්බුදය කාලෝචිත සහ ඵලදායී ලෙස විසඳා ගැනීමේ වැදගත්කම ලෝක බැංකු සභාපතිවරයා අවධාරණය කළා.

    ශ්‍රී ලංකා ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ පෞද්ගලික ව්‍යවසාය සංවර්ධන උදෙසා අඩිතාලම සැපයීමට ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ සහනාධායී මූල්‍යකරණය තාක්ෂණික සහය ප්‍රතිපත්ති උපදෙස් වලට අනුකූලව ලෝක බැංකු සමූහයේ සහය ලබාදෙන බවට,  සභාපතිවරයා සහතික වුණා.

    Latest News