හැටන් දික්ඔයේ ගින්නක්

මාර් 20, 2019

    උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානයට යාබදව ඉඩමක හටගත් ගින්නක් හැටන් පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව නිවා දැමිමට සමත් වි ඇත.


    අද (20) පස්වරු 4 ට පමණ හැටන් දික්ඔය නගර සභාවට යාබදව මෙම ගින්න හටගත් බව හැටන් පොලිසියේ නිලධාරින් පවසති. දුම්රිය මාර්ගයේ ගමන් ගත් අයෙකු මෙම ගින්න තබන්නට ඇති බව හැටන් පොලිසිය සැකකරයි.

    ගින්න හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනයට කිසිදු බාධාවක් සිදු නොවු බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් පැවසිය.

     

    Latest News