නොරොච්චෝලේ විදුලිය උත්පාදනය අරඹයි

මාර් 19, 2019

    නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ අක්‍රීයව තිබූ ජනන යන්ත්‍රය යථා තත්වයට පත්කර එහි ධාරිතාවය විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතින බව, විදුලිබල අමාත්‍යාංශය පවසයි.

    එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්‍ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, පද්ධතියේ සමබරතාවය ගැලපීමේදී ඇතැම් ස්ථානවල විදුලිය බිඳවැටීම සිදුවී ඇති බවයි.

    “මේ වන විදුලි ජනනයක් පරීක්ෂණ මට්ටමින් සිදු වෙමින් පවතිනවා. අද දවස තුළ අක්‍රීය වූ ජනන යන්ත්‍රය නැවත ජාතික පද්ධතියට එක්කිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වනවා. විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල අමාත්‍යාංශය විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා“ යැයි සුලක්‍ෂණ ජයවර්ධන මහතා කියා සිටියේය.

     

     

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 20:27

    Latest News