නේපාලයෙන් ඖෂධ පරිත්‍යාගයක්

ඔක් 27, 2022

    නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 100කට අධික ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

    එය අද ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබුවා.  ඖෂධ තොගය පරිත්‍යාග කරන ලද්දේ නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ආරම්භක සභාපති වන පූජ්‍ය නේපාලයේ මෛත්‍රී හිමියන් විසින්.

    ජාත්‍යන්තර සිංහ සමාජ 306 සී 2 බලංගොඩ සිංහ සමාජයේ ඉල්ලීම පරිදි පරිත්‍යාගය සිදු කර තිබෙනවා. ඖෂධ තොගය බලංගොඩ මූලික රෝහල වෙත භාර දීමද  මෙහි දී සිදු කෙරුණා.  සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News