ETI ආයතනයට විරුද්ධව තැන්පත්කරුවන් නඩු පවරයි

මාර් 18, 2019

    ETI ආයතනයේ තැන්පත් කළ ලක්ෂ 49ක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධ නඩුවක් මැයි 17 දා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත්වරිය අද (18) නියෝග කර තිබේ.

    ETI මූල්‍ය ආයතනයේ මුදල්තැ න්පත් කළ තැන්පත්කරුවන් දෙදෙනෙකු විසින් මෙම නඩුව පවරා තිබේ. ඔවුන්ට අයිති රුපියල් ලක්ෂ 49 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් එම සමාගමේ අධ්‍යක්ෂවරු හතර දෙනාට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔවුන් මෙම නඩුව ගොනු කර ඇත. අදාළ සමාගමේ අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කළ දීපා එදිරිසිංහ, නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය එහි විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

    මෙම නඩුව විභාග නොකොට ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කරමින් මෙම චෝදනා කියවා දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කර තිබේ.

    එම චෝදනා කියවා දීමෙන් අනතුරුව නඩුව මැයි මස 17 වනදා විභාගයට ගැනීමට ද මහෙස්ත්‍රාත්වරිය නියම කර ඇත.

    Latest News