සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ සුදුස්සන් තේරීමේ අයඳුම්පත් කැඳවීමේ කාලය දීර් ඝ කෙරේ

ඔක් 15, 2022

    සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනේ අයඳුම්පත් කැඳවීම ඔක්තෝබර් 28 දක්වා දීර් ඝ කර තිබේ.

    "කිසිවෙක් අත්හැරෙන්න දෙන්න එපා" තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

    සමෘර්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී සහ ජීවනාධාර සහ මහජන ආධාර ලබන සියලුම ප්‍රතිලාභින් පොරොත්තු ලේඛනයේ සිටින අයඳුම් කරුවන් සහ සුභසාධක ප්‍රතිලාභ බලාපොරොත්තුවන සියලු පිරිස් නව වැඩසටහන යටතේ ලියාපදිංචි වීම අනිවාර්ය බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. 

    මීට අදාල අයඳුම්පත සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවිය වන www.wbb.gove.lk වෙතින් ලබා ගත හැකියි.   එම අයඳුම්පත සම්පූර්ණ කර තම බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාර දිය යුතු වෙයි.

    0112 2151481 සහ 1919 රාජ්‍ය තොරතුරු කේන්‍ද්‍රය ඇමතිමේන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි. ඊයේ දිනය වන විට අයඳුම්පත් ලක්ෂ 24 ක් ලැබී ඇති බවයි, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ.

    ඉන් දසලක්ෂ අසුතුන්දහසකට අධික අයඳුම්පත් දත්ත පද්ධතියට ද ඇතුලත් කර අවසන්.

    මෙම සමාජ සුභසාධක වැඩසටහන සඳහා පවුල් ලක්ෂ 39 ක් අයඳුම් කරනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

    Latest News