තවත් ශ්‍රී ලාංකිකයන් 110ක් රැකියා සඳහා දකුණු කොරියාවට...

ඔක් 05, 2022

    දකුණු කොරියානු රැකියා සදහා ගිවිසුම් හිමි වූ තවත් ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු, ඊයේ එරට බලා පිටත්ව ගියා.

    මේ දකුණු කොරියාව බලා ගිය 739 වැනි කණ්ඩායමයි.  මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ,  ශ්‍රී ලාංකිකයන් 3,569 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව ගොස් තිබෙනවා. නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සදහා 2,794 දෙනෙකු ද ධීවර රැකියා සදහා 724 දෙනෙකු ද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා 49 දෙනෙකු හා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා සදහා දෙදෙනෙකු වශයෙන් එම පිරිස සමන්විතයි.

    අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා දකුණු කොරියානු රජයේ නියෝජිතයන් අතර පසුගිය දිනවල පැවති සාකච්ඡාවලදී මාස 6 ක් තුළ ශ්‍රී ලාංකිකයන් 5,800 දෙනෙකු කොරියානු රැකියා සදහා පිටත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි, කඩිනමින් ගිවිසුම් අත්සන් කර මෙම පිරිස රැකියා සදහා පිටත් කර හැරුණේ.

    Latest News