කාර්යාලවලට හොර සීල් හැදූ තැනක් හෙළිවෙයි

මාර් 18, 2019

    ජාඇල පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන සකස් කරන ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ.

    ඔහු සතුව තිබී රබර් මුද්‍රා 50කට අධික ප්‍රමාණයක් හා ව්‍යාජ ලෙස සකස් කරන ලද ලේඛන ගණනාවක් ද සොයා ගෙන තිබේ. වැටලීම සිදුකෙරුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.
    රබර් මුද්‍රා අතර රජයේ කාර්යාලවලට අයත් ව්‍යාජ ලෙස සකස් කරන ලද මුද්‍රාද විය.

    තවද පසුගියදා (2019.03.15) ජාඇල, වැලිගම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලද වැගන් ආර් වර්ගයේ මෝටර්ත රථයට හා එම මෝටර් රථයේ තිබී සොයා ගත් අනෙකුත් ව්‍යාජ අංක තහඩු සඳහා වන ව්‍යාජ ආදායම් බලපත්‍ර හා ව්‍යාජ රක්ෂණ සහතික සකස් කර ඇත්තේ ද මෙම ස්ථානයේ දී බවට සැක කරනු ලබන අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දී තිබේ.

    Last modified on සදුදා, 18 මාර්තු 2019 08:58

    Latest News