ජනපති සහ මෝදි අතර හමුවක්...

සැප් 29, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ජපානයේ ටෝකියෝ නුවරදී සිදුව තිබෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ටෝකියෝ නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවුනා. දෙදෙනා අතර පැවති හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරගෙන යන සාකච්ඡා සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

    මේ අතර, ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නංවන බවත්, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රටට සහය වන බවත් අගමැති මෝදි සහතික වුණා.

    Latest News