බ්‍රිතාන්‍ය පවුම දරුණු ලෙස පහත වැටෙයි

සැප් 26, 2022

    ‍බ්‍රිතාන්‍යය පවුම අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව විශාල වශයෙන් පහත වැටීමක්  පෙන්නුම් කර තිබෙනවා. එය, වසර 50 ක් තුළ එරට බදු වැඩිම අගයකින් කප්පාදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පවුම පහත වැටී ඇති බවයි,  වාර්තා වන්නේ.

    ආසියානු කොටස් වෙළඳපොළවල පවුමේ අගය අමෙරිකානු ඩොලර් 1.6 ක් දක්වා පහත වැටී තිබුණා. එය, අද උදෑසන වන විට 1.3 දක්වා තවදුරටත් අඩු වී ඇති බවයි, වාර්තා වන්නේ.

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ක්වාසි ක්වාටෙන්ත් ප්‍රකාශ කළේ, පවුම් බිලියන 45 ක ආර්ථික පැකේජයට අනුව තවදුරටත් බදු කප්පාදු කෙරෙන බවයි.

    ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ, රජයේ මෙම පොරොන්දුව ඉටුකිරීමට ක්‍රියා කිරීම නිසා බ්‍රිතාන්‍ය ආර්ථිකය තවදුරටත් දැඩි පහත වැටීමකට ලක් වනු ඇති බවයි.

    Latest News