රෝගවලට ඔරොත්තු දෙන "කැප්රි" බෝංචි බීජය

සැප් 26, 2022

    ‍බෝංචි කහවීමේ රෝගය ඇතුළු විවිධ රෝගවලට ඔරොත්තු දෙන ගුණාත්මක  බවින් ඉහළ බෝංචි බීජ නිෂ්පාදන වැඩසටහනක් බිඳුණුවැව සේවා සංස්කරණ අභ්‍යාස මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙනවා.

    උඩරට ප්‍රදේශවල බෝංචි වගාව  බෝංචි කහවීමේ රෝගයට බහුලව ගොඳුරු වී ඇති හෙයින්, ඊට පිළියමක් ලෙස "කැප්රි" නැමති මෙම බෝංචි බීජ වර්ගය නිෂ්පාදනය කළ බවයි, නියෝජ්‍ය  කෘෂිකර්ම අධ්‍යක්ෂ කිත්සිරි විමලචන්ද්‍ර මහතා පවසන්නේ.

    මෙම බෝංචි බීජ, ආනයනය කෙරෙන බීජවලට වඩා ඉහළ ගුණාත්මක බවින් යුක්ත වීම විශේෂත්වයක්.

    මින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට මෙන්ම,  රෝගවලට ගොඳුරු නොවන අයුරින් වගාව පවත්වාගෙන යාමට ද හැකි බවයි, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා කියා සිටින්නේ.

    Latest News