ගාලු වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට පියවර...

සැප් 17, 2022

    ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

    ගාල්ල වරායේ සංවර්ධන සැලසුම් පිළිබඳව සොයාබැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.  ඉතා දිගු ඉතිහාසයක් ඇති ගාල්ල වරාය ලෝකයේ ඉදිරි අනාගතය තුළ හඳුනාගත් අවස්ථා සමග සංවර්ධනය කිරීමටයි, සැලසුම්කර ඇත්තේ. ඒ සඳහා දැනටමත් ආයෝජකයින් පිරිසක් ඉදිරිපත්ව සිටින බව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියා. අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ, නව සංවර්ධන වැඩසටහන තුළ කිසිදු සේවකයෙකුගේ රැකියාවලට බලපෑමක් එල්ල නොවන බවයි. ගාල්ල වරාය සංවර්ධනය ජාතික අවශ්‍යතාවක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

    Latest News