ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබා දෙන බවට ‍නෝර්වේ රජ‍ය පවසයි...

සැප් 16, 2022

    ‍ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබා දෙන බවට ‍නෝර්වේ රජ‍ය සහතික වනවා.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැතවති හමුවකදී මෙරට නෝර්වේ තානාපතිවරිය මේ බව සඳහන් කළා. ‍අග්‍රාමාත්‍යවරයා සහ නෝර්වේ තානාපතිනි ට්‍රයින් ජොරන්ලි එස්කෙලාඩ් මහත්මිය අතර හමුව, සිදු වූයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී. නෝර්වේ රාජ්‍ය ලබන වසරේ කොළඹ තානාපති කාර්යාලය  වසා දැමුවද, නොරාඩ් සහ නෝර්අරමුදල යටතේ සංවර්ධන සහ අනෙකුත් ආධාර අඛණ්ඩව ලබා දෙන බවට තානාපතිවරිය මෙහිදී සහතික වුණා.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදහස්   දක්වමින් වසර 60 කට අධික කාලයක් නෝර්වේ රාජ්‍ය ශ්‍රී ලංකාවට ලබා දුන් ස‍හයෝග පිළිබඳව තානාපතිවරියට ස්තුතිය  පළ කළා. නෝර්වේ රාජ්‍යයෙන් විශේෂයෙන් මෙරට ධීවර ක්‍ෂේත්‍රයට විශේෂ සහයෝගයක් ලැබී තිබෙනවා. 1976 වසරේ නෝර්වේ සංවර්ධන සහයෝගිතාව ආරම්භ වූ අතර "හම්බන්තොට දකුණු  ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන"  ප්‍රමුඛස්ථානයක් බවට පත් වුණා. තානාපතිවරිය කියා සිටියේ, තවදුරටත් සහයෝගිතා වැඩසටහන් සකස් කළ පසු නොර්අරමුදල යට‍තේ ශ්‍රී ලංකාවට තවත්  ආධාර ලබා දෙන බවයි.

    Latest News