ගෙවීමට ප්‍රමාදවූ රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය...

සැප් 07, 2022

    මෙතෙක් ප්‍රමාද වී තිබූ රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යි.  ඒ අනුව, 2021 වර්ෂයට අදාළව මේ  වන විට ගෙවිය යුතුව පවතින විශ්‍රාම පාරිතෝෂික ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් ලබන ඔක‍්තෝබර් මාසය අවසානයට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබාදීමටත්  2022 සඳහා ගෙවිය යුතු විශ්‍රාම පාරිතෝෂික මුදල් ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය මාස 6 ක් තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමටත්, අනුමැතිය ලබා දී තිබෙනවා. පාරිතෝෂික ගෙවීමේ ක්‍රමවේදය තිරසාරව පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර, යෝජනාවලියක් ඉදිරිපත් කිරීම සඳහා 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශකටයුතු, පළාත් සභා හා පළාත්  පාලන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක  සඳහන්.

    Latest News