පකිස්තානයට ඩො.මිලියන 30ක අමෙරිකානු ආධාර

අගෝ 31, 2022

    පකිස්තානයට ඩොලර් මිලියන 30ක ආධාර ලබාදීමට අමෙරිකානු රජය තීරණය කර තිබේ. ධාරාණිපාත වැසි සහ ගංවතුරින් පීඩාවට පත් එරට වැසියන්ට සහන සැලසීම අරමුණයි. 

    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා පිහිට වූ අමෙරිකානු නියෝජිත ආයතනය හරහා මෙම ආධාර ලබා දෙනු ඇති. පකිස්තානයට ධාරාණිපාත වැසි ඇදහැලෙන්නේ, මෝසම් වැසි සමයේ ආරම්භයත් සමගයි. 

    මේ වන විට එරට සමස්ත භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් ජලයෙන් යට වී අවසන්. මියගිය පිරිස 1,100කට අධිකයි. එරට ඉතිහාසයේ දරුණුතම ජල ගැලීම් තත්වය මෙය බවත්, මෙවන් අයහපත් කාලගුණයක් රට තුළ මීට පෙර පැනනැගී නොමැති බවත්, පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් පවසයි. 

    මේ වන විට එරට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ. පකිස්තානය, මෙවන් අයහපත් කාලගුණයකින් පීඩා විදින්නේ, රට ආර්ථික වශයෙන් ද දරුණු අර්බුදයකට මුහුණ දෙමින් සිටින පසුබිමකයි. 

    Last modified on බදාදා, 31 අගෝස්තු 2022 11:23

    Latest News