18ට වැඩි සියලුදෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කෙරේ

අගෝ 30, 2022

    බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා 18 වැඩි සියලු පුද්ගලයින් අනිවාර්යයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බදු අනුකූලතාවය වැඩිකිරීමටත් බදු ගෙවීම පැහැරහැරීම වැලැක්වීමටත් බදු පරිපාලනය ප්‍රධාන කාර්යයක් ඉටුකළ යුතු බවය.

    ඒ අනුව දැනට පවතින අවශ්‍යතාවයන්ට අමතරව වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා මෙම තීරණය ගත් බවද ජනාධිපති, මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මේ බව පැවසීය.

    Latest News