මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමට පෙත්සමක්

මාර් 14, 2019

    විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    මාකදුරේ මධුෂ්ගේ මවගේ සොයුරියක් වු සූරියවැව පදිංචි ඒ. ඩබ්ලිව්. ශ්‍රියානි යන අය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

    වගඋත්තරකරුවන් ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායක භාර නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්, පොලිස්පතිවරයා, සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකු නම් කර තිබේ. විදේශ ගතව සිටින මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පදනම් විරහිතව කටයුතු කරමින් සිටින බව ඇය සිය පෙත්සමින් කියා සිටියි.

    මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මාකඳුරේ මධුෂ් අත් අඩංගුවට ගැනීමට වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.

    Latest News