මුහුදු මාර්ගයෙන් රට යන්න හැදූ 10ක් අත්අඩංගුවට

අගෝ 17, 2022

    නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ 10 දෙනෙකු ඊයේ රාත්‍රී නාවික හමුදාව බාරයට ගෙන තිබෙනවා. 

    ඒ, තලෙයිමන්නාරම කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී.  සංක්‍රමණිකයන් රැගෙන යාමට උත්සහ කළ ඩිංගි යාත්‍රාවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ කාන්තාවන් සහ පිරිමින් 10 ‍දෙනෙකු නාවික හමුදා බාරයට ගත් පුද්ගලයන් අතර වනවා. 

    ඔවුන් පේසාලේ ඌරුමලේ, කිළිනොච්චි සහ කන්තලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. 

    Latest News