ජනාධිපති මන්දිරයට අරගලකරුවන් කළ හානිය ගැන පොලිස් පරික්ෂණ තවදුරටත්...

අගෝ 04, 2022

    කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළුවීම සහ සිදු කළ දේපළ හානිය පිළිබඳ පොලිස් පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

    පුරාවිද්‍යා වටිනාකමක් ඇති එහි දේපළවලට සිදු වූ හානි පිළිබඳ ගණනය කිරීම්ද මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. පසුගිය 9 වෙනිදා සිදු වූ විරෝධතාව අතරතුර අරගලකරුවන් කොළඹ ජනාධිපති මන්දිරයට ඇතුළු වුණා. ඉන් පසු දින කිහිපයක්ම ඔවුන් එහි රැදී සිටියා . මේ හේතුවෙන් එහි බොහෝ ස්ථානවලට දැඩි හානියක් සිදුව තිබෙනවා . මේ වන විටත් ඇඟිලි සලකුණු ආදිය ලබා ගනිමින් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News