රත්ගම වෙඩි තැබීමකින් අයෙක් මරුට...

ජූලි 31, 2022

    රත්ගම ගම්මැද්දේගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    අද දහවල් යතුරු පැදියකින්පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිණි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, රත්ගම ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි අයෙක්. ඔහු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. අවුරුදු 47ත් 29ත් අතර පුද්ගලයින් දෙදෙනෙකු ‍වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

    Latest News