පහරදීමකින් දුම්රිය ආරක්ෂක නියාමකවරයෙකු දුම්රියෙන් ඇදවැටී මිය යයි....

ජූලි 23, 2022

    කොළඹ කොටුව සිට යාපනය බලා අද උදේ ධාවනය කෙරුණු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ සිටි දුම්රිය ආරක්ෂක නියාමකවරයෙකුට බීමත් පුද්ගලයෙකු කළ පහරදීමකින් ඔහු දුම්රියෙන් ඇද වැටී මියගොස් තිබෙනවා.

    වේයන්ගොඩ - වඳුරව ප්‍රදේශයේදී මෙය සිදුව ඇති බවයි, පොලීසිය පවසන්නේ. වේයන්ගොඩ පොලීසියේ නිලධාරීන් වඳුරව දුම්රියස්ථානයේ සිට මීරිගම දෙසට දුම්රිය මාර්ගය දෙපස සෝදිසි කිරීමේදී ආරක්ෂක නියාමකවරයා‍ගේ සිරුර සොයාගෙන තිබෙනවා.

    දුම්රිය මැදිරියක් තුළ මගීන් දෙදෙනෙකු මත්පැන් පානය කරමින් සිටින බවට, දුම්රිය ආරක්ෂක අංශයට ලැබුණු පැමිණිල්ලක් මත ඒ ගැන සොයාබැලීමට නිලධාරීන් මැදිරියට ගොස් ඇතැයි, පොලීසිය පවසනවා. ආරක්ෂක නියාමකයින් මත්පැන් පානය කරමින් සිටි දෙදෙනා මැදිරියෙන් පිටතට රැගෙන ගිය අවස්ථාවේ දොරටුවක් අසළදී එක් පුද්ගලයෙකු එල්ලකළ පා පහරකින් නියාමකවරයා දුම්රියෙන් පිටතට විසිවී තිබෙනවා. 

    දුම්රියේ මගීන් කිහිප දෙනෙකු බීමත් දෙදෙනා අල්ලාගෙන දුම්රිය ආරක්ෂක නියාමකවරුන් වෙත බාරදීමෙන් පසු ඔවුන් මීරිගම පොලිස්ස්ථානය වෙත ඉදිරිපත් කෙරුණා. ඔවුන් අවුරුදු 31හා 21 වයස් කාණ්ඩවල පසුවන නොච්චියාගම හා අනුරාධපුර පදිංචිකරුවන් බවයි, පොලීසිය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 23 ජූලි 2022 13:14

    Latest News