වසරේ මේ දක්වා ශ්‍රමිකයන් 3,564කට දකුණු කොරියාවේ රැකියා වරම්...

ජූලි 22, 2022

    කොරියානු රැකියා ලාභීන් 200 දෙනෙකුගේ රැකියාවලට අදාළ ඇප ‍බැඳුම්කර අත්සන් කිරීම ශ්‍රී ලංකා විදේශ සේවා ‍නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී අද (22) සිදු කෙරුණා.  

    ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට දකුණු කොරියානු රැකියා ලබාදීමේ වැඩසටහනට සමගාමීව ගිවිසුම් අත්සන් කිරීම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ. ලබන 26 හා 27 යන දෙදින තුළ 130 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට නියමිත බවද, කාර්යාංශය කියා සිටිනවා. මේ වසරේදී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති ශ්‍රමිකයන් ගණන 3,564ක්.

    Latest News