යූරියා මෙට්‍රික් ටොන් 40,000ක් හෙට (09) කොළඹ වරායට

ජූලි 08, 2022

    ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබෙන යූරියා මෙට්‍රික් ටොන් 40,000 හෙට කොළඹ වරායට පැමිණීමට නියමිතයි.

    ඒවා ලැබුණු වහාම දිවයින පුරා වී වගා කරන ගොවීන්ට බෙදා හැරීමට වැඩපිළිවෙළක් සකස්කර ඇති බවයි, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

    මේ අතර අදාළ නෞකාවට අමතරව ඉදිරි දින දෙක තුළ තවත් පොහාර මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ලැබීමට නියමිතව ඇත.

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම එක්ව එම වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. තෙත් කලාපයේ කුඹුරු හෙක්ටයාර එකක් සඳහා කිලෝ ග්‍රෑම් 50 බැගින් ද, වියළි කලාපයේ හෙක්ටයාර එකක් සඳහා කිලෝ ග්‍රෑම් සියය බැගින් ද පොහොර ලබා දීමට නියමිතයි.

    Latest News