බෙදීම් වලකමු සැවොම එක්වෙමු: දයාසිරි

මාර් 10, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේදීම් ඇති නොකර සියලු පාක්ෂිකයන් හා සෙසසු පක්ෂ ඒකරාශිකර ක්‍රියා කළ හොත් ජයග්‍රහණය ලබාගත හැකි බව පර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වරයා මේ බව කියා සිටියේ බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේ අද පැවැති පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බව ඔහු කියා සිටියේය.

    බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, ඩිලාන් පෙරේරා සහ ඌව ප්‍රධාන ඇමති චාමර සම්ප්ත දසනායක ය න මහත්වරුද ඊට එක් වුහ.

    Latest News