පොලිස් පරීක්‍ෂක ආනන්ද සරච්චන්ද්‍ර මියයයි

මාර් 10, 2019

    ඩිෆෙන්ඩර් රථයකට යටවීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මියගොස් තිබේ.

    පසුගිය 24 වැනිදා අලුයම 4.35ට පමණ බම්බලපිටිය ඩුප්ලි බුලස් හංදියේදී මෙම අනතුර සිදුවිය.

    මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබු පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා මියයන තෙක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය. 51 හැවිරිදි පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා බොරලැස්ගමුව, වෙහෙරහැර, ගංගාරම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    Last modified on ඉරිදා, 10 මාර්තු 2019 11:12

    Latest News