හෙරොයින් සමඟ හිටපු විදුහල්පති අත්අඩංගුවට

මාර් 10, 2019

    හෙරොයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 65ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගැණින.

    ඒ අම්බලන්ගොඩ ගල්දූව ප්‍රදේශයේ දී. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගාල්ල ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි, මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ. එහි වටිනාකම රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක්. එක් සැකකරුවෙක් විශ්‍රාමික විදුහල්පතිවරයෙක් වන අතර, අනෙක් සැකකරු ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් වේ.

    මෝටර් රථයකින් මත්කුඩු තොගය ප්‍රවාහනය කරමින් සිටි බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් අද ගාල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීට පෙරද කොල්ලුපිටිය ප්‍රදේශයේදී ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සොයා ගැනුණු විශාලතම හෙරොයින් තොගය සොයා ගැණින. දෙහිවල කඩුවාන ප්‍රදේශයේ නිවසකින් සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 278ක්. 2018 වසරේදී පොලිස් බාරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 732ග්‍රෑම් 129ක්. සැකකරුවන් 40,998 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ වසරේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 520 ග්‍රෑම් 762ක් පොලිස් බාරයට ගෙන ඇති අතර, සාකකරුවන් 6651 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසිය බාරව කටයුතු කිරීමත් සමඟ මත්ද්‍රව්‍යවලට සහ විවිධ අපරාධවලට සම්බන්ධ බොහෝ පිරිසක් අත් අඩංගුවට ගැනීමට හැකිවිය. ඒ සඳහා පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට පූර්ණ නිදහස ලබාදී තිබේ.

    Last modified on ඉරිදා, 10 මාර්තු 2019 11:46

    Latest News