“ගම්පෙරළිය“ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි (වීඩියෝ)

මාර් 09, 2019

    “ගම්පෙරළිය“ සංවර්ධන වැඩසටහන යටතේ, රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ රුපියල් කෝටි 20ක වියදමින් ව්‍යාපෘති 17ක් ආරම්භ කෙරිණ.

    සමාරම්භක උත්සවය පැවැත්වුණේ රත්නපුර, හිදැල්ලන ශ්‍රී මහා විහාර පරිශ්‍රයේදී. ව්‍යාපෘතිය යටතේ සිද්ධස්ථාන 30ක්, ක්‍රීඩා පිටි 19ක්, ග්‍රාමීය මාර්ග 120ක්, පානීය ජල ව්‍යාපෘතියක්, වතු නිවාස 716ක් සංවර්ධනය කෙරේ.

    විදුලිය නොමැති නිවාස 235ක් සඳහා නොමිලයේ විදුලිය ලබාදීමට ද නියමිතයි. විහාරස්ථානයේ දෙමහල් විශ්‍රාම ශාලා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ.විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

    “ගම්පෙරළිය“ ආර්ථික සංවර්ධන වැඩසටහන යටතේ, මාතලේ, යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති 57ක් ආරම්භ කෙරිණ. ඒ, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට වැය කෙරෙන මුදල, රුපියල් කෝටි 10ක්. සිද්ධස්ථාන ග්‍රාමීය මාර්ග හා ජල ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති රැසක් ඒ යටතේ ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 09 මාර්තු 2019 19:31

    Latest News