“සක්යා සරසවි අභිෂේක මංගල්‍යය” ජනපති ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

මාර් 09, 2019

    2017 හා 2018 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයන්හි විශිෂ්ට ප්‍රතිඵල ලැබ සරසවි වරම් දිනු සක්යා උසස් අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන් ඇගැයීම වෙනුවෙන් පැවැත්වුණු සක්යා සරසවි අභිෂේක මංගල්‍යයල ඊයේ (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.

    උසස් පෙළ කඩඉම විශිෂ්ට ලෙස සමත් වූ සක්යා දූ පුතුන්ට මෙහි දී සිය සුබපැතුම් පළ කළ ජනාධිපතිතුමා කියා සිටියේ විභාග ජය ගැනීමට මෙන්ම ජීවිත ජය ගැනීමේ මඟපෙන්වීම ද දූ දරුවන් වෙත ලබාදීමට පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙත ද වගකීමක් පැවරෙන බවයි.

    විශිෂ්ට ලෙස සමත් වූ සක්‍යා සිසු සිසුවියන් වෙත සහතිකපත් පිළිගැන්වීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අමාත්‍ය රංජිත් සියඹලාපිටියල ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද සක්යා සමූහයේ අධිපති බණ්ඩාර දිසානායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 09 මාර්තු 2019 19:11

    Latest News