අගමැති උපදෙසින් ගංවතුරෙන් පීඩාවට පත් අයට සහන

ජූනි 01, 2022
    ගංවතුර තත්ත්වයෙන්  පිඩාවට පත් ජනතාවට සහන සැලසීමට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
    ඒ අනුව මුලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන් අතර සිදු වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
    කලුතර ,ගම්පහ ,ගාල්ල ,රත්නපුර යන දිස්ත්‍රික් ලේකම් වරු සමග පැවති එම සාකච්ඡා දි අග්‍රාමාත්‍ය ලේකම්වරයා සදහන් කර ඇත්තේ   ගංවතුරින්  අපදා වලට පත් ජනතාවට සහන ලබාදීමට මහා භාණ්ඩාගාර මෙහයුම් දෙපාර්තමේන්තුවේ මුදල් වෙන් කර ඇති බවයි.
    එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාරයට ද  උපදෙස් දි ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සහන මුදල් ලබා දිමට පියවරගන්නා ලෙසයි.

    Latest News