ශෂී වීරවංශ අදත් අධිකරණයට

මැයි 31, 2022

    අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වසර දෙකක  සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අද  යලිත්  බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.  

    එම දඬුවමට එරෙහිව ශෂී වීරවංශ මහත්මියගේ නීතිඥවරු ඉකුත් සිකුරාදා අභියාචනයක් ඉදිරිපත් කළේ.  
    එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් ඇය ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් ඇයගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ද ඊයේ දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළේය. 
    මෙම ඇප ඉල්ලීම අද දින සළකා බැලීම සඳහා කැඳවන ලෙස නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  මීට අදාළව නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කරන ලෙස ද ඊයේ නියම කළේය. 

    Latest News