යුද හමුදාපති ලබන 31 විශ්‍රාම යයි...

මැයි 26, 2022

    යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ මස 31 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතයි.

    ජූනි පළමුවැනිදා සිට ඔහු නව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන ලෙස පත්කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ වන තෙක් වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටිනවා. වත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජූනි පළමු වැනිදා නව යුද හමුදාපතිවරයා ලෙස වැඩ බාරගැනීමට නියමිතයි.

    Latest News