ඉන්ධනහල් හිමිකරුගේ නිවස ගිනි තබයි...(වීඩියෝ)

මැයි 22, 2022
  • කැකිරාව-ඉපලෝගම ප්‍රදේශයේ ඉන්ධනහල් හිමිකරුවෙකුගේ නිවසට කිසියම් පිරිසක් ගිනි තබා හානි සිදුකර තිබෙනවා.

    ඒ, ඉන්ධන ලබා නොදුන් බවට එහි හිමිකරු සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන්. මෙම ගිනි තැබීම සිදුකර ඇත්තේ ඊයේ රාත්‍රී 10.00ට පමණයි. ගයාන් තිලකවර්ධන මහතා රණජයපුර හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවායි.

    Latest News