කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට...

මැයි 22, 2022

    කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 450කට අධික තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, සපුගස්කන්ද-ගෝනවල ප්‍රදේශයේදී. ඒ අතර කාන්තාවක ද වනවා. වැටලීම සිදුකරනු ලැබුවේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින්. නීති විරෝධීව ගෙන්වා තිබූ ඒවා ඇසුම් 219ක තිබූ බවයි, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසන්නේ. සැකකාර කාන්තාව බදුල්ල ප්‍ර දේශයේ පදිංචි අයෙක්. සැකකරු ගෝනවල ප්‍ර දේශයේ පදිංචි බවයි, පොලිසිය සඳහන් කරන්නේ. ගංජා ප්‍රවාහනයට භාවිත කළ කුඩා ලොරි රථයක් සහ මෝටර් රථයක් ද පොලිස් බාරයට ගැණුනා.

    Latest News