ඝාතනය වූ රත්ගම ව්‍යාපාරිකයින්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක් (වීඩියෝ)

මාර් 06, 2019

    ඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    තම දරුවන් සමඟ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි එම ව්‍යාපාරිකයන්ගේ භාර්යාවන් දෙදෙනා ජනාධිපතිතුමා හමු වූ අතර, ඔවුන්ගේ තොරතුරු විමසු ජනාධිපතිතුමා එම පවුල්වල අභිවෘද්ධිය සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාග පිළිගැන්වීය.

    Last modified on බදාදා, 06 මාර්තු 2019 19:06

    Latest News