අමෙරිකාවෙන් මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමට ඩොලර් මිලියන 7

අප්‍රේ 08, 2022

    ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන හතක් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ පසුගිය වසරේදී මෙරට බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ඩොලර් මිලියන 8.3ක් ලබා දී ඇති අතර ඉදිරි වර්ෂයට අදාළව මෙම මුදල ලබා දෙන බවයි.

    අප්‍රේල් මස 3 වනදා සිට මේ දක්වා ඇමරිකාවේ දූත පිරිසක් කිලිනොච්චිය, යාපනය, වවුනියාව සහ මුහමාලේ ප්‍රදේශවල ඇමරිකානු අරමුදල්වලින් ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා චාරිකාවක නිරතවේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානපතිනි ජූලී ජේ චංග් කියා සිටියේ 1995 වසරේ සිට ඇමරිකානු ඩොලර් මිලියන 86.3ක් ඉක්මවන මුදලක් මෙරට බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ලබා දී ඇති බවයි.

    Latest News