අමෙරිකාව මෙරට බලශක්ති වැඩපිළිවෙළට ඩොලර් මිලියන 19ක්

නොවැ 25, 2021

    අමෙරිකාව මෙරට බලශක්ති වැඩපිළිවෙළ සඳහා ඩොලර් මිලියන 19ක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

    2030 වනවිට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය 70%ක් දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජයට සහය වීම එහි අරමුණයි.

    මෙරට ආර්ථික හා සමාජ සංවර්ධනයට පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. ඊට හවුල් වීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද වැඩසටහන හෙවත් USAID සංවිධානයේ අධ්‍යක්ෂ රීඩ් ඈෂ්ලි මහතා සිය සතුට පළ කරනවා. මෙරට පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේදී රාජ්‍ය සම්බන්ධීකරණය, ප්‍රජා දායකත්වය සමඟ පෞද්ගලික අංශයේ දායකත්වය වැදගත් වන බව ඔහුගේ අදහසයි. මෙම මූල්‍ය පරිත්‍යාගයෙන් මෙරට බලශක්ති වෙළෙඳපොළ සුරක්ෂිත හා විශ්වාසය තැබිය හැකි දීර්ඝකාලීන පද්ධතියක් බවට පත් වනු ඇති බවට ඒ සංවිධානය විශ්වාසය පළ කරනවා.

    Latest News